Spread the love

පළාත් පාලන මැතිවරණයේ රාජ්‍ය ආයතන වල තැපැල් ජන්ද අයදුම් කිරිම මේ දිනයන්හි සිදු කරනු ලබයි.

නුවරඑලිය දිස්ත්‍රික්කයේ ආරක්ෂක අංශ ඇතුළු රාජ්‍ය ආයතන වෙත තැපැල් ජන්ද අයදුම් කිරිම සදහා නුවරඑලිය දිස්ත්‍රික් සහකාර මැතිවරණ කාර්යාලයේ සිට එම රාජ්‍ය ආයතනවලට සිමිත අයදුම්පත් ප්‍රමාණයක් නිකුත් කර ඇති බවත්, එසේ නිකුත් කර ඇති තැපැල් ජන්ද අයදුම්පත් ප්‍රමාණවත් නොවන්නේ නම් එහි ඡායා පිටපතක් ලබාගෙන තැපැල් ජන්දය අයදුම් කිරිමට සිදු වි ඇති බවයි නුවරඑලිය දිස්ත්‍රික්කයේ තැපැල් ජන්ද අයදුම් කර ඇති ආරක්ෂක අංශ සහ රාජ්‍ය ආයතන වල ජන්ද දායකයින් කියා සිටින්නේ.

මිට ප්‍රථම පැවති මැතිවරණ වලදි එසේ සිදු වි නොමැති බවයි ජන්ද දායකයින් කියා සිටින්නේ.