තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළ නංවා ගැනීම සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය ලබාගැනීමට කටයුතු කරන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.
තැපැල් දෙපාර්තමේන්තුව සමග කෙටි කාලීනව ආයෝජනයක් සඳහා එක්වන ලෙස පෞද්ගලික අංශයට එලෙස ආරාධනා කරන බව ද ඔහු ප්‍රකාශ කළේය.
මතුගම තැපැල් කාර්යාලයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පැවසුවේ තැපැල් දෙපාර්තමේන්තුවේ තෝරාගත් අංශ කිහිපයකට පමණක් පෞද්ගලික අංශයේ අදාළ සහය ලබා ගැනීමට බලාපොරොත්තු වන බවය.