Spread the love

වාණිජමය ගුවන්ගමන් නැවැත්වීම හේතුවෙන්රුසියාවට ගුවන් මගින් යැවෙන තැපැල් භාණ්ඩ භාරගැනීම තාවකාලිකව අත්හිටුවා ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසයි.

ගුවන්ගමන් කටයුතු යථා තත්ත්වයට පත්වීමෙන් අනතුරුව රුසියාව වෙත සිදුකරන තැපැල් භාණ්ඩ ප්‍රවාහන කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නා බව ද ඒ මහතා සඳහන් කළේය.