Spread the love


කැනඩාව ,බ්‍රිතාන්‍ය ,ඇමරිකා එක්සත් ජනපදය ,ඔස්ට්‍රේලියාව ඉතාලි යන රටවලින් මධ්‍යම තැපැල් හුවමාරු භාණ්ඩ නිෂ්කාශන අංශය වෙත එවා තිබු පාර්සල් තොගයක් ව්‍යාජ ලිපියනයන් සදහන් බැවින් කළ පරික්ෂාවකදී රුපියල් මිලියන විස්සක් වටිනා Kush නැමැති ගංජා තොගයක් සොයා ගැනීමට රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරින් සමත්වී ඇත.


අත්අඩංගුවටගත් ගංජා තොගයේ ගංජා ග්‍රෑම්ස් 1300 ක් සොයාගත් බව රේගු මත්ද්‍රව්‍ය නාශක අංශය පවසයි
ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් මෙරට ලිපිනයන් සඳහා මධ්‍යම තැපැල් හුවමාරු භාණ්ඩ නිෂ්කාශන අංශය වෙත ලැබී තිබූ සැකකටයුතු පාර්සල් දහයක් නවතා පරීක්ෂණ කටයුතු සිදුකරන ලද අතර එහිදී තහවුරු වූයේ එම පාර්සල් තුළ Kush නැමැති ගංජා විශේෂය අඩංගු බවයි .


කැනඩාව ,බ්‍රිතාන්‍ය ,ඇමරිකා එක්සත් ජනපදය ,ඔස්ට්‍රේලියාව ඉතාලි යන රටවලින් මෙම පාර්සල් ශ්‍රී ලංකාවේ රාගම ,පිලියන්දල ,කොළඹ , නුවර සහ අහංගම යන ප්‍රදේශ වල ව්‍යාජ ලිපිනයන් වෙත ලැබී තිබුණි .
රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් පරීක්ෂණ කටයුතු සිදුකරන ලද අතර වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත මෙම සැකකටයුතු මත්ද්‍රව්‍ය භාර දීමට නියමිතය.