Spread the love



විදෙස් රටවල සිට මෙරට ව්‍යාජ ලිපිනයන් වෙත එවා තිබු පාර්සල් අටක තිබි රුපියල් මිලියන 32 ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් මධ්‍ය තැපැල් හුවමාරුවේදි රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.


අදාල පාර්සල් තුළ තිබී kush නැමැති ගංජා විශේෂය 1590 g හා ectasy නැමැති methamphetamine අඩංගු මත් පෙති 601 සොයා ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක වරයා පැවසුවේය.
මෙම පාර්සල් බ්‍රිතාන්‍යය,කැනඩාව ජර්මනිය යන රටවල සිට කොළඹ, ගම්පහ හා නුවර යන ප්‍රදේශ වල පදිංචි පුද්ගලයන් වෙත එවා තිබිණි.පසුව සොයා බැලීමේදී මේවා ව්‍යාජ ලිපිනයන් බව තහවුරු කර ගන්නා ලදී.

පසුව කල විමර්ශනයකදී අදාල පාර්සල් වල තිබී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සමත්වී ඇත. මේ සදහා තැපැල් දෙපාර්තුමේන්තුවේ නිලධාරීන්ගේ සහායද ලැබී තිබිණ.
රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් මත්ද්‍රව්‍ය තොගය වැඩි දුර පරීක්ෂණ පැවැත්වීම සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත බාරදී තිබේ.