ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් තැපැල් සේවකයින් අද එක්දින සංකේත වැඩවර්ජනයක් ආරම්භ කළ බව
ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර සඳහන් කරයි
තැපැල් දෙපාර්තමේන්තුවේ ඉඩම් සහ ගොඩනැගිලි පෞද්ගලික අංශයට පැවරීම, තැපැල් දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණය කිරීම සහ අතිකාල පැය ගණන කප්පාදු කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් මෙම එක්දින වැඩවර්ජනය කැඳවා තිබෙන අතර මෙයට විසදුමක් නොලැබුන හොත් ඉදිරි ක්රියාමාර්ග ගන්නා බවද ඒ මහතා පැවසුවේය