Spread the love

පොල්ගහවෙල සිට රත්මලාන බලා ධාවනය වන කාර්යාල සීඝ්‍රගාමී දුම්රියේ කළ ප්‍රවේශපත්‍ර පරික්ෂාවක දී තුන්වන පංතියේ ප්‍රවේශපත්‍ර ලබාගෙන දෙවන පංතියේ ගමන්කළ මගීන් 60 දෙනෙකු දුම්රිය ආරක්ෂක නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ප්‍රවේශපත්‍ර පරික්ෂාව වේයන්ගොඩ දුම්රිය ස්ථානයේ සිටි කොළඹ කොටුව දුම්රිය ස්ථානය දක්වා ධාවනය වු කාර්යාල දුම්රියේ සිදු කොට තිබේ . මෙම ප්‍රවේශ පත්‍ර පරික්ෂාවේදී කාන්තාවන් 11 දෙනෙකු ද කොටුවු බව කොටුව දුම්රිය ආරක්ෂක නිලධාරීන් පැවසුහ.

දෙවන පංතියේ ප්‍රවේශපත්‍ර ලබාගත් මගීන් හිටගෙන යද්දී තුන්වන පංතියේ ප්‍රවේශපත්‍ර ලබාගත් මගීන් දෙවන පංතියේ හොද සැපපහසුවට නිදාගෙන ගමන් කරද්දි කොටු කර ගැනීමට දුම්රිය ආරක්ෂක නිලධාරීන් සමත්වුහ.

මහජනතාවගෙන් 1917 ට ලද පැමිණිලි මත මෙම වැටලීම සිදු කොට තිබේ.

මෙහිදි අත්අඩංගුවට ගත් මගීන් 35 දෙනෙකුගෙන් ඒ මොහොතේම රුපියල් එක්ලක්ෂ හැත්තෑඅටදාහක (1780000) දඩ මුදලක් අයකර ගෙන ඇත. ඉතිරි මගීන් ඒ මොහොතේ දඩ මුදල් ගෙවීමට නොහැකි බැවින් ඇපකර තබාගොස් තිබේ.

දුම්රිය ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න මහතා ගේ උපදෙස් මත , සහකාර අධිකාරී ඹ්.කේ ලලිත්කුමාර මහතාගේ මෙහෙයවීමෙන් , විශේෂ අපරාධ විමර්ශන අංශයේ උප පරීක්ෂක අමල් රෝහන ,පරීක්ෂකවරුන්වන විජේසේකර ,ලලන්ත ,සැරයන් වරුන්වන කුමාරසිරිි,සුනිල් ,ආරක්ෂක නිලධාරීන්වන නානායක්කාර .කිත්සිරි,ප්‍රියන්ත ,සමන් ඇතුළු නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.