Spread the love

පෙට්‍රල් මිල අඩුවීමක් සිදු වුවද ත්‍රීරෝද රථ ගාස්තු අඩු නොකරන බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ හිමියන්ගේ වෘත්තිය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා පවසයි.

ඒ අනුව ත්‍රීරෝද රථ සඳහා දැනට ලබාදෙන ලීටර් 5 ප්‍රමාණවත් නොවන බවත්, ඉන්ධන පිරවුම්හලේ පොම්පකරුට යම් මුදලක් ලබාදී වෙනත් පුද්ගලයින්ගේ QR වලින් ඉන්ධන ලබාගෙන හයර් යෑමට සිදුව ඇති බවත් පැවසුවේය..

එවැනි තත්ත්වයක් තුළ ගාස්තු සංශෝධනයක් සිදුකළ නොහැකි බවත් ජනතාවට සහනයක් ලබාදීමට අවශ්‍ය නම් ලබාදෙන ඉන්ධන කෝටාව වැඩිකළ යුතු බවයි ඒ මහතා සදහන් කළේ