Spread the love

නීති විරෝධි ලෙස ඉන්ධන ගබඩා කළ පුද්ගලයින් පුද්ගලයින් 675 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසයි.

මෙහි දී පෙට්‍රල් ලීටර් 21,636ක්, ඩීසල් ලිටර් 33,462ක් සහ භූමිතෙල් ලීටර් 11,100ක් පොලිස් භාරයට ගෙන ඇත.

මේ අතර පිරවුම්හල්වල රාජකාරිය සඳහා යොදවා සිටින පොලිස් නිලධාරීන් සමඟ ගැටුම් ඇති කරගන්නා පිරිස් පාලනයට කිරීමට නොහැකි නම් එම පුද්ගලයින්ව වීඩියෝ ගත කරගන්නා ලෙසත්, ඒ අනුව අදාළ දර්ශන යොදාගෙන ඉදිරියේ දී එම පුද්ගලයින්ට විරුද්ධවය නීතිමය ලෙස කටයුතු කරන බවත් පොලීසිය දැනුම් දී ඇත.