Spread the love

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ සියලුම පෙට්‍රල් වර්ගවල ලීරයක මිල රුපියල් 49කින් ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

නව මිළ ගණන් අද (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වෙයි.. මෙම මිල වැඩි කිරීමත් සමග IOC සමාගමේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 303ක් වනවා.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීරයක මිල රුපියල් 332ක් වනු ඇති. රටේ පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් මෙලෙස ඉන්ධන ආනයනය කිරීමට ද නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙනවා.

ඊට තවත් බලපෑ ප්‍රධානතම හේතුවක් වන්නේ රුසියානු – යුක්‍රේන යුද අර්බුදය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ද බොරතෙල් මිල ගණන් විශාල වශයෙන් ඉහළ යෑමයි.

මෙම තත්ත්වය හේතුවෙන් අමරිකාව,ජපානය,කැනඩාව ආදී ප්‍රබල යුරෝපා රටවල් පවා රුසියාවෙන් බොරතෙල් මිල දී ගැනීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනුයි ආසියාතික රාජ්‍යයන්හි ද ඉන්ධන මිල ගණන් සංශෝධනයකට ලක්වුයේ