Spread the love

අද (01) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල රුපියල් 40 කින් අඩු කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

‍ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 40/- කින්ද අඩු කර ඇති බැවින් නව මිල රු.410/- වෙයි.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30/- අඩු කර ඇති අතර නව මිල රු.510/- වෙයි.

CEYPETCO සහ ලංකා IOC පිරවුම්හල් සියල්ලේම අද මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල අඩු කිරීම ක්‍රියාත්මකයි