Spread the love

ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ දී සිපෙට්කෝ තෙල් මිල ඉහළ යාම සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පනත යටතේ බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකු ගේ මහතා විශේෂ ගැසට් නිවේදනයක් නිවේදනය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව 1961 අංක 28 දරන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පනතේ 66 වගන්තිය ප්‍රකාරව බලශක්ති අමාත්‍යවරයාට පැවරී ඇති බලතල අනුව 2022 මාර්තු මස 12 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.

නව මිල සංශෝධනයට අනුව 92 වර්ගයේ පෙට්‍රල් සදහා රුපියල් රුපියල් 177 පැවති යද නව මිල ලෙස සටහන් වන්නේ රුපියල් 254ක් ලෙසයි.

රුපියල් 207ක් වූ පෙට්‍රල් 95 රුපියල් 283ක් දක්වාත්, ඔටෝ ඩීසල් මිල රුපියල් 121 පැවතිය ද, එය රුපියල් 176 දක්වාත් ඉහළ ගොස් තිබෙනවා.

සුපර් ඩීසල් පූර්ව මිල දැක්වුණේ රුපියල් 159ක් ලෙස වන අතර, නව මිල වන්නේ රුපියල් 254ක් බවයි මෙම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.