Spread the love

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණය කරන මුවාවෙන් තම හිතවත් සමාගම් වලට මංකොල්ලයක් ලෙස විකුණා දැමීමට අමාත්‍යවරයා උත්සාහ දරන බවට ඛනිජ තෙල් පොදු සේවක සංගමය සඳහන් කරයි.

සංගමයේ සභාපති අශෝක රන්වල මහතා පවසන්නේ තෙල් සංස්ථාව පෞද්ගලීකරණයට විරුද්ධව ඉදිරියේදී දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම් කර තිබෙන බවයි.

පාඩු ලබන තෙල් සංස්ථාව අසීමිත බරක් ජනතාව මත පටවා අද වන විට ලාභ ලබන තත්වයට ගෙන ඇති බවත් දැන් පෞද්ගලීකරණයේ මුවාවෙන් තම තමන්ගේ හිතවත් සමාගම්වලට සංස්ථාව විකුණා දැමීමට උත්සාහ කරන බවද හෙතෙම පැවසීය.