Spread the love

ගුවන් තොටුපොළ හරහා වෛරස ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණින් කටුනායක ගුවන් තොටුපලේ එන්නත්කරන මධ්‍යස්ථානයක් පිහිට වූ බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.


අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (09) පෙරවරුවේ ඩුබායි සංචාරය නිමවා මෙරටට පැමිනි අවස්ථාවේ ගුවන් තොටුපොළේ දී ය.
මෙරටට පැමිණෙන එන්නත් මාත්‍රාවක් ලබා ගත් අය සඳහා දෙවැනි එන්නත් මාත්‍රාවද, එන්නත් මාත්‍රා දෙකක් ලබා ගත් අය සඳහා බූස්ටර් එන්නත ද මෙහිදී ලබා ගත හැකිය.


කඩා වැටුණු ආර්ථිකයක් නගා සිටුවීම, ලෝක වසංගත තත්ත්වයෙන් ජනතාව ආරක්ෂා කර ගැනීම යන කරුණු දෙකම එකවර ජය ගැනීමේ අභියෝගය රට හමුවේ ඇති හෙයින් මෙවැනි ක්‍රියාමාර්ග වලට යොමු වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.


සාර්ථකව එන්නත්කරන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ මුල් රටවල් 10 අතර ශ්‍රී ලංකාව ද සිටින බව පෙන්වාදුන් අමාත්‍යවරයා එන්නත්කරනය සම්බන්ධයෙන් වූ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ අගය කිරීමට ලක්වූ බවද කීවේය.

.