Spread the love

අපේ කළා ක්ෂේත‍්‍රයේ ඉන්න දක්ෂ ජනප‍්‍රිය වගේම සුරූපී රංගන ශිල්පිනියක් තමයි චුලක්ෂි රණතුංග කියලා කියන්නේ.

2014 වසරේ මිස් ශ‍්‍රී ලංකා කිරුළ සහ 2017 වසරේ හොඳම නිරූපිකාව කිරුළ දිනා ගත්තේද මේ සුරූපී රංගන ශිල්පිනියයි.

ඒ වගේම ඇය රංගනයෙන් දායක වුනු ඉදිරියේදී තිරගත වීමට නියමිත චිත‍්‍රපට විදිහට ජයන්ත චන්ද්‍රසිරිගේ මිදුණු විශ්වය, ප‍්‍රසන්න ජයකොඩිගේ කොරෝනා කාලේ ආලේ, සනත් අබේසේකරගේ ගුත්තිල, ප‍්‍රියන්ත කොළඹගේ මන්දාරා,

මොහාන් නියාස් අධ්‍යක්ෂණය කරන ශ‍්‍රී වික‍්‍රම, උදයකාන්ත වර්ණසූරියගේ ගින්දරී 3 චිත‍්‍රපට තිරගත වෙන්න තියෙනවා කියලත් ඇය පවසනවා.

කවදා හරි ඇයව හොඳම නිළියක් විදියට සමාජය පිළිගන්න තැනට එන එකලු ඇගේ අනාගත බලාපොරොත්තුව කියලයි ඇය කියන්නේ.

ඒ වගේම ඇය කියන්නේ දක්ෂතාව මත ජනප‍්‍රිය විය යුතුයි කියලයි.