Spread the love

රංගන ක්ෂේත්‍රයේ සිටින දිදුලන තාරකාවන් අතර ඉහලිම සිටින දක්ෂතා රැසකින් පරිපූර්ණ සොඳුරු ශලණි තාරකා කාගේත් ආදරය දින ගත්ත රංගන ශිල්පිනියක්.
මේ දිනවල විකාශය වන ටෙලි නාට්‍ය කිහිපයකම රූගත කිරීම් සිද්ධ වෙන නිසා ඇය ටිකක් විතර කාර්යබහුලයි ලු..

පිළිවෙළට, පිරිසුදුව ගැළපෙන විදියට අඳින්න ශලිනි හරිම ආසයි කියලා තමයි කියන්නේ. කොහොම වුනත් ඉහළම වෙළඳ නාම තියෙන මුදලින් වැඩි ඇඳුම් ඇගේ චොයිස් එක නෙවෙයි ලු.

ශලිනි විලාසිතා ගැන කියල තිබුනේ මේ විදියට…

යන තැන, යන වෙලාව,ගැන ගොඩක් ම සැලකිලිමත් .පන්සලකට මළ ගෙදරකට යන විදියට උත්සවයකට යන්න බෑනේ .එහෙම තැනට ගැලපෙන්නෙ නැති විදිහට ඇඳුම් තෝරා ගත්තොත් වෙන්නේ අපි නොසිතන විදිහට අපහසුතාවයට පත්වෙන්න ඒකයි.

අනිවාර් යෙන්ම ඔව්. වයසත් එක්ක අපි විලාසිතා කරන විදිය වෙනස් වෙනවා. පුංචි කාලෙදි කොන්ඩ දෙකක් බැඳලා ලස්සන පුංචි පුංචි ඇඳුම් අදින්න ආසයි .

නව යොවුන් වියට එනකොට අපි අපේ ලස්සන, අපේ ඇඟේ හැඩය, සමේ පාට ඉස්මතු වෙන විදිහට විලාසිතා කරන්න පුරුදු වෙනවා. වයස අවුරුදු තිහක් හතළිහක් වෙනකොට විලාසිතා කරනකොට අපි බොහෝ දේවල් ගැන හිතන්න පුරුදු වෙනවා.

සමහර වෙලාවට ඒ වයසේදී විවාහ වෙලා මවක්, බිරිඳක් විදිහට සිටිනවා නම් අපි කරන විලාසිතා තවත් වෙනස් වෙනවා. ඒ වගේ බාහිර කරුණු බොහොමයක් එක්ක විලාසිතා කරන විදිය වෙනස් වෙනවා කියලයි මගේ හැඟීම. විශේෂයෙන්ම මම හිතනවා වයසට නොගැලපෙන විදිහට විලාසිතා කළොත් වෙන්නේ අපි බාහිර පාර්ශවයේ හිනාවට ලක් වෙන එක.