Spread the love

ගාල්ල බද්දේගම ජල පවිත්‍රාගාරයේ සිදුකරන අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් (27) හෙට පෙරවරු 08.00 සිට පස්වරු 04.00  දක්වා පැය 08 කාලයක් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩල පවසයි.
ඒ අනුව අම්බලන්ගොඩ ,බලපිටිය ,බෙන්තොට ,බටපොල සහ ඇල්පිටිය ප්‍රදේශ වලට ජල සැපයුම අත්හිටුවයි.
එම කාලය තුළ හික්කඩුව ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජලය සැපයේ.
වැඩිදුර විස්තර සදහා ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලයේ 1939 ක්ශනික දුරකථන අංකය ඇමැතිය හැකිය.