Spread the love

දකුණු පළාතේ වැව් පිළිසකර කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතිබව දකුණු පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඒ.රණසිංහ මහතා පැවසීය.

එම වැඩසටහන මගින් වැව් වල ඇති ආක්‍රමණ ජලජ ශාක ඉවත් කිරීම,රොම් මඩ වලින් ගොඩවී ඇති වැව් වල රොම් මඩ ඉවත් කිරීම සිදුකරයි.

මේවන විට හම්බන්තොට බෙලිඅත්ත කෝපන් වැවේ ආක්‍රමණ ශාක ඉවත් කර වැව පිළිසකර කර ඇතිබව අධ්‍යක්ෂවරයා පැවසීය.ආක්‍රමණ ශාක ඉවත් කිරීම තුළින් සූර්‍යාලෝකය ජලයට වැටීමෙන් වැවේ ජලය පිරිසුදු වෙයි.

එය වැවෙහි මත්ස්‍යන්ටද හිතකර තත්වයකි.වැවෙහි ජලය ඇළ වේලි හරහා ගොවිතැන් කටයුතු සදහා ද යොදා ගනී.ඒ හේතුවෙන් වැව් ජලය පිරිසිදුව තිබීම ඉතා වැදගත් බව අධ්‍යක්ෂවරයා පැවසීය.

දකුණු පළාතේ වැඩිම වැව් ප්‍රමාණයක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවතියි.හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැව් 800 ආසන්න සංඛ්‍යාවක් ඇතිබව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසී