Spread the love

දකුණු පළාතේ වැව් පිළිසකර කිරීමේ වැඩපිළිවෙළ මේවන විට අවසන් අදියරේ පවතින බව දකුණු පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඒ.රණසිංහ මහතා පැවසීය.

එම වැඩසටහන මගින් වැව් වල ඇති ආක්‍රමණ ජලජ ශාක ඉවත් කිරීම,රොම් මඩ වලින් ගොඩවී ඇති වැව් වල රොම් මඩ ඉවත් කිරීම සිදුකර තිබේ.

මේවන විට හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැව් රැසක් පළමු අදියර යටතේ පිළිසකර කර තිබේආක්‍රමණ ශාක ඉවත් කිරීම තුළින් සූර්‍යාලෝකය ජලයට වැටීමෙන් වැවේ ජලය පිරිසුදු වෙයි.එය වැවෙහි මත්ස්‍යන්ටද හිතකර තත්වයකට පත්ව තිබේ.

ඒ ආහාර මත්ස්‍ය අස්වැන්න වැඩි වී තිබේ.ජලය ඇළ වේලි හරහා ගොවිතැන් කටයුතු සදහා ද යොදා ගනී.

මේවන විට ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයේ වාරි පද්ධතිය සංවර්ධනය කර තිබේ.දකුණු පළාතේ වැඩිම වැව් ප්‍රමාණයක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවතියි.හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැව් 800 ආසන්න සංඛ්‍යාවක් ඇතිබව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.