Spread the love

ඉන්දීය සහන ආධාර යටතේ ශ්‍රී ලංකාවට ලැබුණු සහල් තොගයෙන්  ගාල්ල දිස්ත්‍රික්කයට හිමිවන සහල් තොග දුම්රියෙන් මේ වන විට බූස්ස සහ ගාල්ල ප්‍රධාන දුම්රිය ස්ථාන වෙත ගෙනැවිත් ඇතිබව ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ මහතා පැවසීය.

එම සහල් තොග අදාල ප්‍රාදේශීය ලේකම් කොට්ටශ වෙත ප්‍රවාහනය කිරීම මේවන විට ආරම්භ කර තිබේ.ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත සහල් ගෙන ඒමෙන් පසු ග්‍රාම නිලධාරීන් හරහා ඉතා දිළිඳු ජනතාවට නොමිලේ ලබාදීමට නියමිත බව දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.