Spread the love


දකුණු පලාතේ ගාල්ල හා ඒ අවට ප්‍රදේශවල තිබෙන රථවාහන තදබදයට කඩිනමින් විසදුම් ලබාදීමට මහා මාර්ග අමාත්‍යංශය තීරණය කොට ඇත.
ඒ අනුව ගාල්ල නගරයට හා ඒ අවට මේවනවිට පාලම් දෙකක් ඉදිකිරිමටත් ,මාර්ග අටක් සංවර්ධනය කිරීමට හදුනාගෙන මුලික සැලසුම් අවසන් කර ඇති බැවින් කඩිනමින් එම මාර්ග සංවර්ධනය කරන ලෙස මහා මාර්ග අමාත්‍යංශයේ ලේකම්වරයට උපදෙස් දුන් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ,මහා මාර්ග ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.


ඒ අනුව ඉත්තෑපාන සහ මාදුගඟ හරහා පාලම් 02ක් ඉදිකිරිම, කොළඹ ගාලු පාර අධිවේගී මාර්ග පිවිසුමේ සිට මුහුදු මාර්ගය දක්වා මංතීරූ 04කට පුළුල් කිරිම, දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව අන්තර් හුවමාරුවේ සිට කරාපිටිය ශික්ෂණ රෝහල දක්වා නව මාර්ගයක් තැනීම, ගාල්ල බද්දේගම මාර්ගය හිරිබුර දක්වා පුළුල් කිරීම, ගාල්ල නගරයේ ප්‍රධාන වීදිය සංවර්ධනය කිරීම, ගාල්ල වක්වැල්ල මාර්ගය මංතීරූ 04කට පුළුල් කිරීම, රිච්මන්ඩ් හිල් පාර කරාපිටිය දක්වා පුළුල් කර සංවර්ධනය කිරීම, හිරිබුර හංදියේ සිට කරාපිටිය රෝහල දක්වා මාර්ගය සංවර්ධනය කිරීම, පින්නදූව සිට ගාලු පාර දක්වා ඇති මාර්ගයට සමාන්තරව නව සේවා මාර්ගයක් ඉදිකිරිමට නියමිතයි.

මෙම සියළුම මාර්ග පද්ධති වලට අදාල මාර්ග සංඥා පුවරු, ආලෝක සංඥා පද්ධතීන්, වටරවුම් යනාදියද මීට සමගාමීව සංවර්ධනය කිරිමට යෝජිතය බවද ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයා වැඩි දුරටත් පැවසුවේය..