Spread the love

ගැබිනි මව්වරුන්ගේ දරු ප්‍රසූතියන් නිවෙස්වල දීම සිදු කිරීමට නිවෙස්වල පරිසරය සූදානම් කර තබන ලෙස සියලු සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටින බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු මහත්මිය පැවසූවාය.

දරු ප්‍රසූතිය සදහා ආසන්න ගැබිනි මවුවරුන් පිළිබඳ දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස ද දැනුම් දෙයි.පවතින බරපතල ඉන්ධන අර්බුදය නිසා ගැබිණි මව්වරුන් රෝහල්ගත කළ නොහැකි අවස්ථාවල නිවසේදීම දරු ප්‍රසූතිය සිදුවිය හැකි බව එහිදී පැවසීය.

පවතින වාතාවරණය යටතේ ප්‍රවාහන දුෂ්කරතා පවතින බැවින් ඕනෑම අවස්ථාවක දරු ප්‍රසූතියක් සඳහා මුහුණ දෙන මවකට පහසුකම් සැපයීමට තම නිලධාරිනියන් සූදානම් කරන බව එහිදී පැවසීය.
දරු ප්‍රසූතිය සඳහා මැදිහත් වීමේ අවසරය හා බලය ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තම සාමාජිකත්වය වෙත පවරා ඇති බැවින් මෙම දැනුම් දීම කරන බව වැඩිදුරටත් එහිදී පැවසීය.