Spread the love

විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගවත්ම අර්ධ ශතකය වාර්තා කිරීමට අද (05) ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක සමත් විය.

ඉන්දියාව සමග පූනේ හි පැවැත්වෙන දෙවැනි 20/20 තරගයේදී පන්දු 20කදී සිය අර්ධ ශතකය ලබාගැනීමට ශානක සමත්විය.

ඒ අනුව 2007දී මහේල ජයවර්ධන සහ 2009දී කුමාර් සංගක්කාර තබා තිබූ වාර්තා බිඳ වැටුණි.

ඔවුන් දෙදෙනා අර්ධ ශතක සඳහා පන්දු 21ක් බැගින් වැයකර තිබුණි.