Spread the love

රුපියල් දස දහසේ වටිනා කමට නව මුදල් නෝට්ටුවක් මුද්‍රණය කිරීමේ කිසිදු සූදානක් නොමැති බව මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර්.ආටිගල මහතා පැවසීය.

ඒ සම්බන්ධයෙන් පැතිර යන මත සම්පූර්ණයෙන් අසත්‍ය බව පැවසීය.උද්ධමනය ඉහළ යාමත් සමඟ එවැනි සූදානමක් ඇතිබවට ඇතැම් කණ්ඩායම් අසත්‍ය තොරතුරු නිර්මාණය කරමින් ඇතිබව පැවසීය.

විදේශ සංචිත ප්‍රමාණය කඩිනමින් ඉහළ දැමීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇතිබව එහිදී ලේකම්වරයා පැවසීය.මහ බැංකු අධිපතිවරයා මේවන විටත් ඊට අදාළ සැලසුම් සකස් කර ඇතිබව වැඩිදුරටත් පැවසීය.