Spread the love

සෑම දින 15 වරක්ම බොරතෙල් නෞකාවක් දිවයිනට ගෙන්වා ගැනීම සදහා වැඩපිළිවෙළක් සකස් කර ඇතිබව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.

සපුගස්කන්ද පිරිපහදුවෙ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම එහි අරමුණ වී තිබේ.සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව මේවන විට පණගන්වා තිබේ.

එහි ඉන්ධන පිරිපහදුව කඩිනමින් ආරම්භ කරන බව එම අමාත්‍යංශය සදහන් කරයි.මේ අතර මේවන විට දිවයින පුරා ඉන්ධන බෙදා හැරීම අඛණ්ඩව සිදුවන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

එහෙත් මේවන විටත් දිවයිනේ ප්‍රදේශ රැසක ඉන්ධන පෝලිම් පවතියි.බොහෝ ඉන්ධන පිරවුම් හල් වල ඩීසල් හිඟයක් ඇතිබව වාර්තාවේ.