Spread the love

දුරගමන් සේවා හා නගරාන්තර දුම්රිය වල දින 30 කට කලින්ආසන වෙන්කර ගැනීමේ පහසුකම මේ මස 13 දින සිට දුම්රිය දෙපාර්තුමේන්තුව ක්‍රියාත්මක කරන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පවසයි.

අධික මහජන ඉල්ලීම් වලට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මෙම පහසුකම මේ අයුරින් ලබා දිමට දුම්රිය දෙපාර්තුමේන්තුව පියවර ගෙන ඇත. දිනපතා මගීන් විශාල වශයෙන් දුම්රියේ ගමන් කිීරීමට පැමිණීම හේතුවෙන් තදබදයකින් තොරව සේවාව ලබාදීම අරමුණු කොට ගෙන කලින් ආසන් වෙන්කර ගැනීමේ පහසුකම සලසා තිබේ.

බොහෝ දුම්රිය ස්ථානවල දුම්රිය ආසන කලින් වෙන්කර ගැනීමේ සේවාව මේමස 13 වැනි දින සිට පෙරවරු 10 යේ සිට ලබා දීමට පියවර ගන්නා බවද කසුන් චාමර මහතා වැඩිදුරටත් පැවසුවේය.