Spread the love



දියවන්නා ඹයේ තෙල් තට්ටුවක් සම්බන්ධයෙන් විමර්ශන වාර්තාව මධ්‍යම පරිසර අධිකාරිය විසින් ජ්‍යෙෂ්ඨ පරිසර නිලධාරින් යොදවා මේ සම්බන්ධව විමර්ශණයක් සිදු කරඑහි වාර්තාව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත බාර දී තිබේ.
මෙම සිදුවීම වාර්තාවන්නේ රාජගිරිය ෆෙයාර්වේ රෙසිඩන්සීස් ව්‍යාපෘතිය හා බුත්ගමුව පාලම අසල දියවන්නා ඔය අසලිනි.
ඒ අනුව එම කණ්ඩායම් එකී ස්ථානවලින් ජලසාම්පල් ගෙන පරීක්ෂාවට ලක් කර තිබේ. ඔවුන් සඳහන් කරන්නේ මෙම ස්ථානවල ජලය කළුපැහැගැන්වී තිබු බවත්, ජලය මත තැනින් තැන කුඩා හා තුනී තෙල් තට්ටුවක් පවතින බවත්ය. එමෙන්ම එම ස්ථානයේ තෙල් සහිත අපද්‍රව්‍ය පල්වීම නිසා හටගන්නා දුර්ගන්ධයක් වහනය වූ අතර ජලය බැස යාම ක්‍රමවත්ව සිදු නොවී තිබේ. එමෙන්ම ඒ මත දණ්ඩකින් කැලතූ විට පතුලේ සිට වායු බුබුලු සමග තුනී තෙල් තට්ටුවක් මතුවන අතර ඒවා ජලය මතුපිට පාවී යන ස්වාභාවයක් ද නිරීක්ෂණය කර තිබේ.

ඒ අනුව සිදුකරන ලද නිරීක්ෂණයන් අනුව කාලයක් තිස්සේ බුත්ගමුව ඇළට අපද්‍රව්‍ය බැහැර කිරීම සහා ඇළෙහි ජලය නිසි ලෙස ගලා නොයෑම හේතුවෙන් ඇල්ගී, බැක්ටීරියා වර්ධනය වීම මත මෙම තත්ත්වය වර්ධනය වී තිබේ. එමෙන්ම මෙහි විවිධ මාර්ගවලින් ඇළට සම්බන්ධ වන අපද්‍රව්‍ය හා අපවිත්‍ර ජලය නිසා ලැබෙන නයිට්‍රජන් හා පොස්පරස් ප්‍රමාණය අනුව ජලයේ සුපෝෂණ තත්ත්වයක් ද වර්ධනය විය හැකිය
එමනිසා මෙම ප්‍ර දේශයේ ජලය සංරක්ෂණය කිරීම සඳහා නිර්දෙශ තුනක් ක්‍රියාත්මක කරන ලෙස ද විමර්ශණ කණ්ඩායම දැනුම් දී ඇත. ඒ අතර ඒ අවට ජනතාව විසින් පිරිපහදු නොකරන ලද හා අපවිත්‍ර ජලය දියවන්නාවට බැහැර කිරීම වැළැක්වීම, බුත්ගමුව ඇළ පතුළේ රොන්මඩ වසරකට වරක්වත් ඉවත් කර ජලය පහසුවෙන් බැස යාමට සැළැස්වීම, තෙල් සංස්ථාව මගින් බැහැර කරන අප ජලය මෙම ජල මාර්ගය වෙත බැහැර කරන්නේ ද සොයා බැලිය යුතු බවත් ඔවුන් දක්වා තිබේ.


එමෙන්ම රසායනාගාර විශ්ලේෂණ වාර්තාව අනුව පහත කරුණු හෙළීදරව් කර ගන්නා ලදී.
සිද්ධිය වූ ස්ථානයේම සාම්පල ලබාගත් ජල නියැදිවල (control sample) (a) සංසරණ ජලය සඳහා වූ සුළු පිරිපහදුවකින් පානය කිරීම සඳහා වූ ප්‍රමිතීන්ට අදාලව
(Category A) රසායනික ඔක්සිජන් ඉල්ලුම හා අචිලතාවය ඉක්මවා ගොස් ඇතිබව (b) සංසරණ ජලය සඳහා වූ නෑම සහ විනෝදාස්වාදය කටයුතු සදතා වූ ප්‍රමිතීන්ට අදාලව
රසායනික ඔක්සිජන් ඉල්ලුම ඉක්මවා ගොස් ඇති බව (Category B) (c) සංසරණය ජලය සඳහා වූ ජලජ ජීවින් සදතා වූ ප්‍රමිතීන්ට අදාලව (Category C) ජලයේ ඇමෝනියා
ප්‍රමාණය ඉක්මවා ගොස් ඇති බව ., සිද්ධිය වූ ස්ථානයෙන් ලබාගන්නා ලද ජල සාම්පලවල (a) සංසරණ ජලය සඳහා වූ Category A ප්‍රමිතීන්ට අදාලව දියවූ ඔක්සිජන් ප්‍රමාණය, රසායනික ඔක්සිජන් ඉල්ලුම තෙල් හා ග්‍රීස් ප්‍රමාණය ඉක්මවා ගොස් ඇති බව.,(b) සංසරණ ජලය සඳහා වූ Category B ප්‍රමිතියට අදාලව රසායනික ඔක්සිජන් ඉල්ලුම ඉක්මවා ගොස් ඇති බව.(c) සංසරණ ජලය සඳහා වූ Category C ප්‍රමිතීන්ට අදාලව දියවූ ඔක්සිජන් ප්‍රමාණය, රසායනික ඔක්සිජන් ඉල්ලුම, තෙල් හා ග්‍රීස් ප්‍රමාණය, ජලයේ දියවූ පොස්පේට් ප්‍රමාණය, ඇමෝනියා ප්‍රමාණය ඉක්මවා ගොස් ඇති බව අනාවරණය වීය.