Spread the love

මහියංගණය මාපකඩ වැවේ දිය නෑමට ගිය දෙදෙනෙකුගෙන් එක් අයෙකු දියේ ගිලී මියගොස් ඇතිබව මහියංගණය පොලිසිය පවසයි.

මෙසේ දිය නෑමට ගොස් ඇත්තේ මහියංගණය හා කරවනැල්ල රෝහල් වල සේවය කර වෛද්‍ය වරුන් දෙදෙනෙකි.

දිය නාමින් සිටියදී එක් වෛද්‍ය වරයෙකු අනතුරට ලක්ව ඇතිබව පොලිසිය සදහන් කරයි.

ප්‍රදේශ වාසීන් විසින් ඔහු බේරා ගෙන මහියංගණය රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.

අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 31 ක්වූ දිවුලපිටිය වෙලගාන ප්‍රදේශයේ පදිංචි මහියංගණය රෝහලේ සේවය කරන වෛද්‍ය වරයෙකි.

මෘත ශරීරය මහියංගණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

මහියංගණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි