Spread the love

ගාල්ල දිස්ත්‍රික්කයේ රබර් වගා කරුවන් දිරිගැන්වීම සදහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇතිබව වැවිලි කර්මාන්ත අමාත්‍යංශය පවසයි.

ඒ අනුව රබර් වගාවේ නිරත වගාකරුවන්ට රබර් කර්මාන්තය සදහා අවශ්‍ය උපකරණ සහ ආධාර චෙක් පත් ලබාදීම සිදුවිය.ඒ සදහා රුපියල් මිලියන 30ක් වැයකර තිබේ.

මෙම අවස්ථාවට අමාත්‍ය රමේශ් පතිරණ සහ පාර්ලිමේන්තු මංත්‍රී සම්පත් අතුකෝරල යනමහත්වරු ඇතුළු පිරිසක් එක්වුහ.