Spread the love

ගුණගරුක දරුවකු සමාජගත කෙරෙන්නේ පෙරපාසළ තුළිණි . අද සමාජය තාක්ෂණය අතින් දියුණු වුවත් කුඩා දරුවාගේ පටන් අහන්න දකින්න ලැබෙන්නේ හදවත කම්පා කරන සිද්ධීන්ය .

සමාජයෙන් එවැනි දේවල් දිනෙන්දින වැඩි වීමට ප්‍රධාන තම හේතුව වී ඇත්තේ කුඩා අවධියේදී දරුවා සමාජගත කිරිමේ ක්‍රමවේදයේ කුමක් හෝ අඩුවක් තිබෙන නිසායි.

එවැනි යුගයක දෙමාපිය ඇසුරින් මිදෙන දරුවා ගුණධර්ම වලින් හෙබි යහපත් ගුණගරුක දරුවකු ලෙස රටට දායාද කෙරෙන්නේ

පෙරපාසල තුළින් බව දිවුලපිටිය හොරගස්මුල්ල සාධනා පෙර පාසලේ විදුහල්පතිණි අජන්තා විජේසිංහ මහත්මිය පැවසුවාය.


කොරෝනා වසංගතය පවතින යුගයක දරුවන්ගේ ආරක්ෂාව ප්‍රධාන වශයෙන් සලකා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව පෙර පාසල පවත්වාගෙන යායුතුය.

වීඩියෝව නරඹන්න subscribe කරන්න

දරුවාගේ ආරක්ෂාව ප්‍රථම කොට සැලකිය යුතුයි.එම නිසා නවීන තාක්ෂණය උපයෝගී කරනගෙන එනම් Q R කේතය භාවිතා කොට දරුවා පෙරපාසලට පැමිණි පසු ඹවුන්ට ලබාදී ඇති ආරක්ෂිත හදුනුම්පත ස්කෑන් කලවිට දෙමාපියන්ට දරුවා පෙර පාසලට පැමිණි බවට කෙටි පණිවුඩයන් යනු ඇත.

පංතිකාමර පවා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව සකස් කර තිබෙන බැවින් කිසිම දරුවකුට කොරෝනා රෝගයට ගොදුරු වීමට ඉඩනොදී දැඩි ආරක්ෂිතව පවත්වාගෙන යන බවද සාධනා පෙර පාසලේ විදුහල්පතිණි අජන්නා විජේසිංහ මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.


පෙරපාසල පවත්වාගෙන යාමේදී ගම්වැසියන්ගෙන් හා දෙමාපියන්ගෙන් ලැබෙන සහයෝගය ඉතා අගය කළ යුතු බවද අජන්තා විජේසිංහ මහත්මිය විශේෂයෙන් පැවසුවාය.

සාධනා පෙර පාසලේ විදුලහල්පතිණිය බී.එච්.එම්.අජන්තා විජේසිංහ මහත්මිය ,එච්.ඒ නිශාදිණී රංගිකා ( U K G-A ),අයි.අශින්තා මධුෂාණි(U K G-B ),කේ.ඒ.කුමුදු කුමාරි( L K G -A ), එච්.ආර්.සදුනි සුපුන් කුමාරි(L K G-A ),ඩබ්ලිව්.පී.ප්‍රසාදි ප්‍රියංගිකා (Play grop)යන ගුරු මණ්ඩලය දරුවන් යහඟමට ගැනීමට දැඩි වෙහෙසක් දරයි.

මෙම පෙර පාසල අන්අයටත් ආදර්ශයක් බවට එහි ගිය අපට වැටහුණි.

NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පලකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න