Spread the love

ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීම සම්බන්ධයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දිස්ත්‍රික් 10කට අනතුරු ඇගවීම් නිකුත්කර තිබේ.

කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, රත්නපුර, කෑගල්ල, කුරුණෑගල, පුත්තලම සහ අනුරාධපුර යන දිස්ත්‍රික්කවලට මෙම අනතුරු ඇඟවීම සිදුකරන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව පස්වරුවේ සහ රාත්‍රී කාලයේ අදාළ දිස්ත්‍රික්කවල තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති විය හැකි අතර තාවකාලික තද සුළං ද ඇතිවිය හැකිය.

මේ හේතුවෙන් අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට පියවරගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.