දිවයිනේ දිස්ත්‍රික් 05ක් සඳහා තවදුරටත් බලපැවැත්වෙන පරිදි නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.
මාතලේ, බදුල්ල, කුරුණෑගල, කෑගල්ල සහ ගාල්ල යන දිස්ත්‍රික්ක සඳහා එම නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේය.
ඒ අනුව අද (07) උදෑසන 9 සිට හෙට උදෑසන 9 දක්වා එම අනතුරු අඟවීම බලපැවැත්වේ.
අනතුරු ඇඟවීම් නිකුත් කළ ප්‍රදේශ පහතින්,
බදුල්ල දිස්ත්‍රික්කය:
- පස්සර
ගාල්ල දිස්ත්‍රික්කය:
- නාගොඩ
- ඇල්පිටිය
- බද්දේගම
- යක්කලමුල්ල
කෑගල්ල දිස්ත්‍රික්කය:
- යටියන්තොට
- රඹුක්කන
- දැරණියගල
- මාවනැල්ල
- කෑගල්ල
- ගලිගමුව
කුරුණෑගල දිස්ත්‍රික්කය:
- රිදීගම
- මාවතගම
- අලව්ව
- පොල්ගහවෙල
මාතලේ දිස්ත්‍රික්කය:
- පල්ලෙපොළ
