Spread the love

අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 3 කට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම ප්‍රදේශීය ලේකම් කොට්ඨාසය, රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම, කිරිඇල්ල, ඇහැළියගොඩ,ඇලපාත, රත්නපුර, පැල්මඩුල්ල,නිවිතිගල,කුරුවිට සහ කළවාන යන ප්‍රදේශ සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

කළුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර, බුලත්සිංහල, වලල්ලාවිට, ඉංගිරිය, දොඩංගොඩ, අගලවත්ත, මතුගම හා බණ්ඩාරගම යන ප්‍රදේශ සඳහාද නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.