දිවයිනට බලපා ඇති අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 08ක් සදහා නාය යෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නාය යෑම් අධ්‍යන අංශයේ ජේෂ්ඨ භූ විද්‍යාඥා ආචාර්ය වසන්ත සේනාධීර මහතා පැවසීය.
ඒ අනුව බදුල්ල ,ගාල්ල,කළුතර ,මහනුවර , කෑගල්ල , මාතලේ ,නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්ක සදහා එම නිවේදන නිකුත් කර තිබේ.එම නිවේදන (02) හෙට පස්වරු 06.00 දක්වා බලාත්මක බව පැවසීය.බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල,පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සදහාත් ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ,නාගොඩ ,ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සදහාත් කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සදහාත් මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර ,ගඟ ඉහළ කෝරළේ ,හාරිස්පත්තුව ,ගඟ වට කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සදහාත් කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල ,අරණායක ,බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සදහන් මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සදහාත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ,නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සදහා සහ රත්නපුර දිස්ත්‍රික්කයේ වැලිගෙපොල ,ඇහැලියගොඩ ,රත්නපුර ,කලවාන ,කහවත්ත හා ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඇතුළු තදාසන්න ප්‍රදේශ සදහා නාය යෑමේ අනතුරු ඇඟවීම් සිදුකර ඇතිබව පැවසීය.
පවතින වැසි සහිත තත්වය තවදුරටත් පවතීනම් නාය යෑමේ අවධානම් ප්‍රදේශ බවට හඳුනා ගෙන ඇති ස්ථාන වල සහ කදු බෑවුම් ආශ්‍රිතව ජීවත් වන ජනතාව නාය යෑම්,ගල් පෙරලීම්,බෑවුම් කඩා වැටීම්,පස් කන්ඩි කඩා වැටීම් සහ පොළව ගිලා බැසීම් පිළිබඳව දැඩි අවධානයෙන් සිටිය යුතුබව පැවසීය.
පොළවේ ඇතිවන ඉරි තැලීම්,පැළුම්,ගිලා බැසීම්,ක්‍රමයෙන් ඇලවී ගෙන යන ගස්,විදුලි කණු,වැටවල්,දුරකථන කණු,එකවර ජල උල්පත් මතු වීම,ජල උල්පත් අවහිර වීම,ජල උල්පත් බොර වීම නිවාස වල සහ ගොඩනැගිලි වල බිත්ති ඉරි තැලීම හා පුපුරා යාම වැනි නාය යෑම් ලක්ෂණ ඇතිවන්නේනම් කඩිනමින් ආරක්ෂිත ස්ථානයකට ගමන් කිරීම ඉතා වැදගත් බව වැඩිදුරටත් ජේෂ්ඨ භූ විද්‍යාඥා ආචාර්ය වසන්ත සේනාධීර මහතා වැඩිදුරටත් පැවසීය.
