නත්තල් උත්සව සමයේ සිය නෑදෑ හිතවතුන් බැලිමට ,විනෝද චාරිකා සදහා ගමන් බිමන් යාමට කොටුව දුම්රිය ස්ථානයට විශාල මගීන් පිරිසක් පැමිණියහ.
දෙසම්බර් මාසයේ දුම්රියේ ගමන් කිරීමට පැමිණෙන මගීන්ට ආසන වෙන්කර ගැනීමට නොහැකිව දැඩි දුෂ්කර තාවටයන්ට මුහුණ දුන් අවස්ථා නැතිවාම නොවේ. මෙවර මාසයක ට කලින් දුම්රිය ආසන වෙන්කර ගැනීමේ පහසුකම් මගී ජනතාවට දුම්රිය බලධාරීන් සළසා තිබිණ. නමුත් ක්ෂණිකව ගමන් බිමන් යාමට තීරණය කළ මගීන්ට දුම්රියේ ආසන නොමැති අඩුපාඩුව පැවතිණ. මන්ද බස් රථ ගාස්තුව හා සසදන විට දුම්රියේ ගාස්තුව තුනෙන් එකකටත් වඩා අඩුවීම නිසා මගීන් විශාල වශයෙන් දුම්රිය ගමන් කිරීමට පෙළඹී සිටිති . ආරථික අපහසුතා මධ්‍යයේ වුවද තම නිවාඩු සමගේ විනෝද චාරිකා යාමට බොහෝ මගීන් පුරුදුවී සිටියහ.
මගී ධාරිතාවට දුම්රිය සේවාව සැපයීමට නොහැකි තරම්ය . ඒ තරමටම මගින් දුම්රියේ ගමන් කිරීමට යොමු වීමයි. නත්තල් සමයේ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 09.45 ට බදුල්ල බලා ධාවනය වන දුම්රියේ ගමන් කිරිමට මගීන් විශාල පිරිසක් පැමිණ සිටියහ. මගින්ගේ ආරක්ෂාවට දුම්රිය ආරක්ෂක නිලධාරීන්ද රාජකාරියේ යොදවා තිබෙනු දක්නට ලැබිණ. මන්ද දුම්රියට ගොඩවීමේදී මුදල් පසුම්බි ,ජංගම දුරකථන හා ගමන් බෑග් සොරුන්ගෙන් හා ගැට කපන්නන්ගෙන් සිදුවන හිරහැර වලින් මගීන්ගේ ආරක්ෂාව සැලසීම සදහාය . හොදට හැද පැළද ගත්” මහත්හොරු” දුම්රියේ හා දුම්රිය ස්ථානයේ නැතිවාම නොවේ. මගීන් දුම්රිය ගොඩවන අවස්ථාවන්හිදී තම ආභරණ පිළිබදව කල්පනාවක් නොමැතිවීම මහත්හොරුන්ට විශාල රුකුලක් වීමයි. මගීන් විශාල පිරිසක් දුම්රියේ ගමන් ගන්නා ආකාරය ශ්‍රී රාජ් මාධ්‍ය වේදියකුගේ කැමරාවට හසුවු යේ මේ අයුරුණි
වීඩියෝව නරඹන්න SUBSCRIBE කරන්න