Spread the love



දෙසැම්බර් මස පළමු දිනයට එළිවෙන විට දුම්රිය අනතුරු දෙකකින් ජිවිත තුනක් බිලිගත් අවාසනාවත්ත සිද්ධීන් දෙකක් නාවක්කුලිය හා උණවටුන යන ප්‍රදේශ වලින් වාර්තාවෙයි.


මෙහිදී අද උදෑසන ගල්කිස්ස දුම්රිය ස්ථානයේ සිට කන්කසන්තුරේ බලා ධාවනය සීඝ්‍රගාමී දුම්රිය ට නාවක්කුලිය ප්‍රදේශයේදි කුඩා බස් රථයක් ගෑටීමෙන් එහි රියදුරු ජිවිතක්ෂය ට පත්වී තිබේ.


මීට අමතරව අද උදෑසන බෙලිඅත්ත සිට අනුරාධපුරය බලා ධාවනය වු රජරට රැජින දුම්රියට උණවටුන දුම්රිය ස්ථානය ආසන්නයේදි ත්‍රීරෝද රථයක් ගැටීමෙන් ත්‍රිරෝද රථයේ ගමන් කළ විදේශිය කාන්තාවක් හා එහි රියදුරා ජිවිතක්ෂ්යට පත්වී තිබේ.
මෙම අනතුරු වලදී නාවක්කුලියේදී දුම්රියට ගැටුණු කුඩා බස් රථය ඇදී ගොස් පෙරලි ගිනි ගෙන තිබිණ . උණවටුනේදී දුම්රියේ ගැටුණු ත්‍රිරෝද රථය ඇදී ගොස් ඇබරී විනාසි වි තිබෙන බවද දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පවසයි.