Spread the love

දුම්රිය ගමන්වාර 60කට වැඩි සංඛ්‍යාවක් හෙට (02) දිනයේදී අවලංගු විය හැකි බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ

ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පවසයි.

සමස්ත කාර්ය මණ්ඩලයෙන් 500කට ආසන්න පිරිසක් ඊයේ (31) සිට විශ්‍රාම ගැන්වීමත් සමග ඇතිවූ සේවක පුරප්පාඩුව එම තත්ත්වයට හේතුවකි.

කාර්යාලවලට යන මගීන්ට දැඩි බලපෑමක් මේ තුළින් සිදුවිය හැකි බවත් විශ්‍රාම ගැන්වුණ සේවකයින්ට අවශ්‍ය ආකාරයට කොන්ත්‍රාත් පදනම මත සේවා ලබාදීම මෙතෙක් සිදුවී නොමැති බවද සදහන්..

අද දිනයෙත් දුම්රිය 36 ක් අවලංගු වු අතර ඒ අතරමින් මගී දුම්රිය 24 ක්හා බඩු දුම්රිය 12 ක්ද වෙයි. ඒ අනුව ඊයේ හා අදදිනයේදී දුම්රිය ගම්න්වාර 96 අවලංගු වු බවද කසුන් චාමර මහතා පැවැසුවේය