Spread the love

නගරාන්තර හා විශේෂ දුම්රිය වල වැඩි කළ ගාස්තුව වහාම ක්‍රියාත්මක ව පරිදි අත්හිටුවීම වහාම ක්‍රියාත්මක ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම පියවර ගෙන තිබේ.

පවතින තත්ත්වය හමුවේ ඇතැම් නගරාන්තර දුම්රිය සේවාවල ගාස්තු සංශෝධනයක් සිදු විය හැකි වුවත්, තවමත් එම ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණ නැති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

දුම් රිය සාමාන්‍යාධිකාරි ඇතුළු නිලධාරින් සමග ගාස්තු වැඩිවීම පිළිබඳ වන සාකච්ඡාව අද පස්වරුවේ සිදු කිරීමට නියමිත අතර, කිසියම් අයුරකින් මාධ්‍ය වෙත තවමත් එකඟ නොවූ ගාස්තු වැඩි කිරීමේ ලිපිය මුදා හැර ඇති බව ද අමාත්‍ය අමුණුගම සඳහන් කළේය..