අයහපත් කාලගුණය හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ බේස්ලයින් දුම්රිය ස්ථානය අතර දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීමෙන් දුම්රිය ගමනා ගමනයට බාධා ඇතිවිය.
පස්වරු 5.00 පමණ ගස කඩා වැටී තිබු අතර මාර්ග හා කර්මාන්ත අංශයේ නිලධාරින් ගස කපා ඉවත්කොට මේ වනවිට යථා තත්ත්වයට පත් කොට ඇතැයිද දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.