Spread the love

අයහපත් කාලගුණික තත්ත්වයත් සමගින් ඊයේ රාත්‍රියේ ඇතිවු සුළගින් රඹුක්කන දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටිමේ එක් දුම්රිය මාර්ගයක දුම්රිය ධාවන කටයුතු ඇනහිට තිබේ.
මේ හේතුව නිසා අද දිනයේ තනි දුම්රිය මාර්ගයක් ඔස්සේ දුම්රිය ධාවනය සිදු කෙරිණ.
දුම්රිය මාර්ග හා කර්මාන්ත අංශයේ නිලධාරීන් සිද්ධිය වු ස්ථානයට ගොස් ඇති අතර මේ වනවිටත් ගස කපා ඉවත් කිරීමේ කටයුතු ආම්භ කර ඇති අතර ගස ඉවත් කළ විගස දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්වනු ඇතැයිද එහි ජේෂ්ඨ නිලධාරියකු පැවසුවේය.