Spread the love

රටතුළ පවතින ඉන්ධන අර්බුදයට විසඳුමක් ලෙස පොදු ප්‍රවාහනය කඩිනමින් ප්‍රතිසංවිධානය කිරීමට අවධානය යොමුව ඇතිබව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි.

ඒ අනුව මාසයක් තුල දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ඇති මෙතෙක් ධාවනයට එක් නොකල දුම්රිය ධාවනයට එක්කිරීමට නියමිතයි.

මැදිරිවල පවතින අඩුපාඩු සකස්කර එලෙස ධාවනයට එක්කරන බව එම අමාත්‍යංශය සදහන් කරයි.දැනට ධාවනය වන දුම්රිය වාර ගණන සැලකිය යුතු ප්‍රමානයකින් වැඩි කිරීමට අවධානය යොමුව ඇතිබව ප්‍රවාහන අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි