Spread the love

ඉන්ධන වැඩි වීමත් සමග දුම්රිය දෙපාර්තුමේන්තුවේ අධික අලාභය යම් මට්ටමකට අඩුකර ගැනීම සදහා දුම්රිය වෙන්කල ආසන ගාස්තුව හා විශේෂ දුම්රිය වල ගාස්තුව 30% කින් ජුනි 01 වැනිදා සිට ඉහළ දැමීමට සිදුවන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසයි.

ඉන්ධන මිල ඉහළ යාම හා බස්ගාස්තු ඉහළ යාමට සාපේක්ෂව පවතින පාඩුව අවම කර ගැනීම සදහා මෙම තීරණය දුම්රිය දෙපාර්තුමේන්තුව ගත්තද සාමාන්‍ය ප්‍රවේශපත්‍ර හා වාර ප්‍රවේශපත්‍ර ගාස්තුව දැනට ඉහළ නොදමන බවද ධම්මික ජයසුන්දර මහතා වැඩි දුරටත් පැවුසුවේය.