Spread the love



අබලන් දුම්රිය මැදිරි ධාවනයට යොදවා මගී ජීවිත අනතුරේ හෙළීමට විරෝධය දැක්වීම සහ සිය ඉල්ලීම් සම්බන්ධයෙන් බලධාරීන් මේ දක්වා විසදුම් ලබා නොදීම හේතුවෙන් (13) අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 24 කාලයක් මරදාන දුම්රිය විදුලි පණිවිඩ හුවමාරු මධ්‍යස්ථානයේ කටයුතු වලින් ඉවත් වන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසීය.


දුම්රිය බලධාරීන් මෙම අනතුරුදායක තත්වය අවම කර මගීන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීමට පියවර නොගන්නේ නම් මේ මස 26 වැනිදා සිට දුම්රිය ස්ථානාධිපතිවරු සේවයෙන් ඉවත් වන බව කී සුමේධ සෝමරත්න මහතා අද දිනයේ ක්‍රියාත්මක කරන වේග සීමාවන් පිළිබඳව නියෝග ලබානොදීමේ ක්‍රියාමාර්ගයත් සමඟ දුම්රියන් ප්‍රමාද වියහැකි බව ද සඳහන් කළේය.
දුම්රිය දෙපාර්තමේන්තුව තුළ මේ වන විට ඉතාමත් දුර්වල සංඥාා පද්ධතියක් ක්‍රියාත්මක වන බව පැවසූ සෝමරත්න මහතා සඳහන් කළේ දින දෙකක් වැනි කෙටි කාලයකින් සංඥාා පද්ධතිය අලුත්වැඩියා කළ හැකි වුවද දුම්රිය බලධාරීන් එය ඉටුනොකරන බවත්ය.  
වේග සීමාවන් පිළිබඳව නියෝග නොලැබෙන විට රියදුරන්ට අවදානයෙන් ධාවනය කිරීමට සිදුවන බවත් එහිදී මගීන්ට සිදුවන අපහසුතාව පිළිබඳ සම්පූර්ණ වගකීම දුම්රිය දෙපාර්තමේන්තුව භාරගත යුතු බවත් සෝමරත්න මහතා කීය.
කුරුණෑගල දුම්රිය ස්ථානයේදී ඊයේ (13) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා එසේ පැවසීය.
දුම්රිය දෙපාර්තමේන්තුවේ පාලනාධිකාරියේ අත්තනෝමතික ක්‍රියාකලාපයන්ට හා දුම්රිය මගී ජීවිත අනතුරුදායක කරමින් ක්‍රියාත්මක වන සංඥා පද්ධති වලට එරහිව අප සංගමය විසින් කොටස් වශයෙන් වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇත.
අනතුරු දායක සංඥා පද්ධති සම්බන්ධයෙන් හා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ නොවිසුදුනු ගැටලු සම්බන්දයෙන් දුම්රිය

දුම්රිය ස්ථානාධිපති සංගමය හිටපු හා වැඩබලන දුම්රිය සාමාන්‍යාධිකාරීවරුන් හා වර්ථමාන සාමාන්‍යාධිකාරීතුමා තුමා සමඟ ද අවස්ථා ගණනාවක් එකම ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කල ද මෙතෙක් එම ගැටලුවලට විසදුම් නොලැබීම නිසා අද මධ්‍යම රාත්‍රි සිට සංකේත වැඩ වර්ජනයක් ලෙස පැය 24 ක කාලයකට දුම්රිය විදුලි සංදේශ කාර්‍යාලයේ දුම්රිය ස්ථානාධිපති වරුන් සේවයෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි එම සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පවසයි..

දුම්රිය දෙපාර්තමේන්තුවේ අලුතින් හඳුන්වා දීමට යන සංනිවේදන පද්ධතියේ දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධානම සංනිවේදන කාර්යාලය වන දුම්රිය විදුලි සංඥාපති කාර්යාලය එම නවීකරණ කටයුතු වලට එක් නොකිරීමට අප පෙර විරෝධතා පල කල අතර එම කාර්යාලයේ රාජකාරි ස්භාවය කුමක් ද යන්න ඒ සම්බන්ධයෙන් අවබෝධයක් නොමැති පාලනාධිකරණයට පෙන්වීමට අප සංගමය මෙහි පලමු පියවරක් ලෙස එම කාර්යාලයේ සේවය කරන දුම්රිය ස්ථානාධිපතිවරුන් අද මධ්‍යම රාත්‍රී සේවයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

දුම්රිය උප දෙපාර්තමේන්තුව 09 හී ම නිල සංනිවේදන කටයුතු මෙම කාර්යාලය හරහා කරනු ලබන අතර ඉතාම හදිසි හා කඩිනම් ලබ දිය යුතු දුම්රිය විදුලි පුවත්, දුම්රිය දෝෂ ,signal දෝෂ ,දුම්රිය අනතුරු,දුම්රිය අනතුරු සම්බන්ධයෙන් පොලීසිය සමඟ තොරතුරු හුවමාරු කිරීම්,හදිසි දුම්රිය නිවේදන,හදිසි නිල කිරීම් මෙන්ම හදිසි උපදෙස් හා නියෝග සංනිවේදන මේ හරහා හෙට දින සිට ක්‍රියාත්මක නොවන අතර මෙහිදී දුම්රිය අවලංගු වීමක් සිදුනොවන අතර යම් යම් දුම්රිය ප්‍රමාදයන් සිදු වීමට ඉඩ ඇත.
මේ සම්බන්ධයෙන් අපි මඟීන් වෙත කණගාටුව ප්‍රකාශ කර සිටිනවා . අද දිඅන පස්වරු 01:00 ලබා දී ඇති සාකච්ඡාවට අප සහභාගි නොවීමට තීරණය කොට ඇති අතර පාලන අධිකාරිය විසින් ගෙනයනු ලබන සාකච්ඡා මාර්ගයෙන් කල් මැරීමේ ප්‍රතිපත්තිය ට අප විරෝධය පල කොට සිටිනවා.මෙම ගැටලු සම්බන්ධයෙන් පෙර සාකච්ඡා කර ඇති අතර අවසන් සාකච්ඡාව පවත්වා මාස දෙකකට ආසන්න වුව ද අප විසින් ඉල්ලීම් කල ද එම සාකච්ඡා සටහන ද මාස දෙකකට ආසන්න වුවද අද දක්වා අප වෙත එය ලබා නොදී ඇති අතර, තවදුරටත් විසඳුම් ලබාදීම කල් මරන්නේ නම් 26 වන ඉරිඳා මධ්‍යම රාත්‍රි 12:00 සිට සමස්ත දුම්රිය ස්ථානාධිපති වරුන්ම මෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවේ අනෙකුත් සේවකයන්ගේ ද ගැටලු සම්බන්ධයෙන් අප හා මේ වන විට සාකච්ඡා කර ඇති අතර සමස්ත සේවකයන් අප එකට ඒක රාශී කරමින් අරගලකාරී අඛණ්ඩ වැඩ වර්ජනයකට යොමුවන බව දන්වා සිටින බවද කසුන් චාමර මහතා වැඩි දුරටත් පැවසුවේය.