දුම්රිය ස්ථානාධිපතිවරුන් කාලයක් තිස්සේ මුහුණපාන ගැටලු රාශියකට නිසි විසදුම් දුම්රිය දෙපාර්තමේන්තුවේ පාලනාධිකාරිය ලබා නොදීම හේතුවෙන් ඉදිරියේ දැවැන්ත වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණය වීමට ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ විධායක කමිටුව ඒකමතිකව තීරණය කර ඇතැයි එහි ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පවසයි.
දුම්රිය ස්ථානාධිපතිවරුන් මුහුණපා ඇති ගැටලු සම්බන්ධයෙන් හිටපු හා වර්ථමාන දුම්රිය සාමාන්‍යාධිකාරී සමඟ ද නිරන්තරයෙන් සාකච්ඡා කර තිබුන ද ඊට විසදුම් ලබා දෙනු වෙනුවට අදාල කටයුතු මග හැරීම මත විධායක කමිටුව විසින් එම තීරණයට එළඹ ඇත. මේ ගැටලුව සම්බන්ධයෙන් හිටපු ප්‍රවාහන අමාත්‍යතුමා සමඟ අවස්ථා කිහිපයක දී හා නව ප්‍රවාහන අමාත්‍යතුමිය සමග ද සාකච්ඡා ඇත.
අදාල අමාත්‍යවරුන් දෙපාර්තමේන්තුවේ පාලනාධිකාරියට මෙම ගැටලු කඩිනමින් විසදීමට උපදෙස් ලබා දී තිබිය දී ද ඒ පිලිබදව දෙපාර්තමේන්තුව මගින් කටයුතු නොකිරීම තුලින් දුම්රිය ස්ථානාධිපතිවරුන් වෘත්තිය අරගලයකට යොමු කොට රජය අපහාසූතාවයට පත් කිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ හා ඇතැම් පාලනාධිකාරියේ නිලධාරීන්ගේ අභිලාෂය බව පැහැදිලි දක්නට ඇත.
පහත ප්‍රශ්ණගත කරුණුවලට නිසි විසදුම් නොලැබිම මත අදාල වෘත්තීය ක්‍රියාමාර්ග වලට අපට යාමට සිදුවිය.
අනාරක්ෂිත දුම්රිය signal ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම හරහා දුම්රිය මගී ජීවිත අනතුරේ හෙලීම, කොවියිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ මගී ජීවිත ආරක්ෂා කිරීම වෙනුවෙන් වැඩපිලිවලක් ක්‍රියාත්මක නොකිරීම, 2021.01.01 සිට ක්‍රියාත්මක කල යුතු දුම්රිය ස්ථාන වර්ගීකරණය අනුමත නොකිරීම මත 2022 වර්ශයේ දුම්රිය ස්ථානාධිපති ස්ථාන මාරූවිම් ගැටලු සහගත කිරීම, දුම්රිය දෙපාර්තමේන්තුවට අවශ්‍ය කණිෂ්ඨ කාර්‍යමණ්ඩලය පුරප්පාඩු නොපිරවිම, දුම්රිය ස්ථානාධිපති බඳවාගැනිමේ පටිපාටිය වසර 11 ක සිට අනුමත නොකිරීම,දුම්රිය ස්ථානාධිපතිවරුන් 700 කගේ පමණ උසස්වීම් ලබා දීම වසර ගණනක් මුලුල්ලේ ප්‍රමාද කිරීම ,කණිෂ්ඨ කාර්‍යමණ් ඩල සේවකයන්ගේ උසස්වීම් නිල කාලපරිච්ඡේදය තුල ලබා නොදීම,ඇතුලු තවත් කරුනු ගණනාවක් පදනම් කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බවද කසුන් චාමර ජයසේකර මහතා පවසයි.