Spread the love


ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහල යාම මත මේ වන විට අප රටේ ද තෙල් මිල ඉහල යාම හේතුවෙන් ජනතාව පුද්ගලික ප්‍රවාහන ක්‍රම භාවිතයෙන් ඉවත් වී පොදු ප්‍රවාහන සේවාවක් වන දුම්රිය භාවිතා කිරීමට පෙළඹීම නිසා මගී ජනතාවගේ ගමන් පහසුව සදහා දුම්රිය සේවාව මීට වඩා පුලුල් කිරිටම පියවර ගන්නා ලෙස දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා දුම්රිය බලධාරීන්ගෙන්ඉල්ලා සිටී.

ගෝලීය වශයෙන් ව්‍යාප්තව ඇති කොවිඩ් 19 වසංගත තත්ත්වය මත හා යුක්රේන හා රුසියානු යුධමය වාතාවරණය මත ලෝකයේ ඉන්ධන මිල මේ වන විට වාර්තාගත ලෙස ඉහළ යාම තුළ අප වැනි සංවර්ධනය වන රටවලට ද එම අභියෝගයන්ට මුහුණදීමට සිදු වී ඇත.
මේ වන විට ශ්‍රී ලංකාවේ වාර්තාගත ලෙස ඉන්ධන මිල ඉහළ යාම තුළින් මේ දක්වා රාජකාරි මෙන්ම විවිධ අවශ්‍යතාවයන් වෙනුවෙන් පෞද්ගලික ප්‍රවාහන ක්‍රමවේදයන් භාවිතා කල ජනතාව මේ වන විට අවම පිරිවැයකින් තමන්ගේ අවශ්‍යතාවයන් සපුරා ගැනීමට දුම්රිය භාවිතා කිරීමට පෙළඹී ඇති බව අපගේ ප්‍රධාන දුම්රිය ස්ථාන වල මෙම මස තුළ මගී ආදායම් පරික්ෂා කිරීමේ දී ද අනාවරණය වී ඇත.
බස් ගාස්තුව ඉහළ නැංවීම මත , ඉන්ධන අර්බුධය මැද ජනතාව මෙසේ පොදු ප්‍රවාහන සේවාවක් වන දුම්රියට වටා රොක්විමට කටයුතු කරමින් සිටි. විශේෂයෙන්ම නගරබද කලාපය වන පොල්ගහවෙල – කොළඹ කොටුව , මිගමුව – කොළඹ කොටුව , අලුත්ගම කොළඹ මරදාන හා අවිස්සාවේල්ල කොළඹ කොටුව යන කලාපයේ මගී ආදායම පසුගිය කාලයට සාපේක්ෂව මේ වන විට ඉහළ ගොස් ඇත.
මේ සම්බන්ධයෙන් ඔබතුමාගේ කාරුණික අවධානය යොමු කොට නගරබද කලාපය තුළ ,
• අධික තදබදයක් පවතින හා ඉතා අත්‍යවශ්‍ය අවස්ථාවන්ට සරිලන ලෙස නව දුම්රිය ගමන් වාර ක්‍රියාත්මක කිරීම ,මගී ධාරිතාව වැඩි තනි බලවේග කට්ටල ද්විත්ව බලවේග කට්ටල ලෙස පත් කිරීම, මගී ධාරිතාව වැඩි දුම්රියයන් සඳහා තවත් අමතර මැදිරි එකතු කිරීම, මගී ඉල්ලුම මත පදනම්ව නව දුම්රිය ගමන් වාර එක කරමින් හා අනවශ්‍ය දුම්රිය ගමන්වාර අවලංගු කරමින් තාවකාලික නව දුම්රිය කාලසටහනක් හඳුන්වා දීම. ( මගී අදහස් යෝජනා ද ලබා ගනිමින් )
යන යෝජනාවන් අප සංගමය විසින් ඉදිරිපත් කරනු ලබන අතර මේ පිළිබඳව ප්‍රවාහන ඇමතිවරයා ගේ අවධානය යොමු කොට මගී ජනතාවට අවශ්‍යවන පරිදි අදාළ පහසුකම් සැපයීමට දුම්රිය පාලනාධිකාරිය වෙත අදාල නියෝගයන් ලබා දීමට කටයුතු කරන මෙන් දුම්රිය ස්ථානාධිපති සංගමය ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමු.