Spread the love

දිවයිනේ විවිධ ප්‍රදේශ වල දුරකථන කුළුණු වල සවිකර ඇති බැටරි සොරකම් කල පුද්ගලයන් 05 දෙනෙකු අත්අඩංගුවට ගත් බව වීරකැටිය පොලිසිය පවසයි.

වීරකැටිය ,තංගල්ල ,බෙලිඅත්ත,හක්මන ,අම්බලන්තොට ,හම්බන්තොට ඇතුළු දිවයිනේ ප්‍රදේශ ගණනාවක දුරකථන කුළුණු වල බැටරි සොරකම් කර තිබේ.

එහිදී සොරකම් කරන ලද බැටරි 138ක් සහ ඒ සදහා යොදාගත් ඩීමෝ බට්ටා ලොරි රථයක් ,වෑන් රථයක් සහ ත්‍රීරෝද රථයක් පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 24,28,29 සහ 32 වයස් වල පසුවන වලස්මුල්ල ,හක්මන සහ තංගල්ල ප්‍රදේශ වල පදිංචිකරුවන්ය.

සැකකරුවන් අද (18) වලස්මුල්ල මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

වීරකැටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.