Spread the love

දුරකථන සමාගම් සිය ගාස්තු නැවත වරක් අද (05) සිට වහාම ක්‍රියාත්මක වන පරිදිඉහළ දැමීමට තීරණය කර ඇත.

ඒ අනුව අද(05) සිට පෙරගෙවුම් රීලෝඩ් පැකේජද වෙනස් වන අතර, නව ගාස්තු සම්බන්ධයෙන් සියලුම තොරතුරු අදාළ දුරකථන සමාගම්වල වෙබ් අඩවිවලින් ලබා ගැනීමේ හැකියාව පවතියි.

මෙම මස සිට 2.5%ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අය කිරීම හේතුවෙන් මෙලෙස ගාස්තු සංශෝධනය කරන බවයි එම සමාගම් පැවසුවේ.