Spread the love


සදුදා (05)සිට මෙරට සියලුම දුරකථන ජාල සේවා ගාස්තු සහ මුදල් ගෙවා නරඹන රූපවාහිනී සේවා ගාස්තු සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව (TRCSL) අනුමැතිය ලබාදී ඇත.

ඒ අනුව, ජංගම සහ ස්ථාවර දුරකථන, අන්තර්ජාල සබඳතා සහ VAS අමතර සේවා ගාස්තු 20% කින්ද, රූපවාහිනී සේවා ගාස්තු 25% කින්ද ඉහළ දැමෙන බව සන්නිවේදන සමාගම් ඒකාබද්ධව නිවේදනය කර ඇත.

මේ සම්බන්ධව අදාල සමාගම් නිවේදනයක් මගින් දැණුවත් කර තිබේ.