නාගරික සංවර්ධන අධිකාරියේ සේවක සේවිකාවන්ගේ2019 සහ 2020 වසරවල ශිෂ්‍යත්ව විභාගය, අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ අ.පො.ස. උසස් පෙළ සමත් වු දූ දරුවන් 122 දෙනෙකු සදහා එක් අයෙකුට රුපියල් 10,000 ක් බැගින් වු ශිෂ්‍යත්ව ප්රදානය කිරීම නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) දින එම ආයතන පරිශ්‍රයේදී සිදු කෙරිණි.
නාගරික සංවර්ධන අධිකාරියේ සුබසාධක සංගමය මගින් මෙම වැඩසටහන වාර්ෂිකව සංවිධානය කරනු ලබයි. පසුගිය සමයේ පැවති කොවිඩ් වසංගතය හේතුවෙන් මෙය ක්‍රියාත්මක කිරීමට නොහැකි විය.
නාගරික සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර, සුබ සාධක සංගමයේ සභාපති දිමුතු කුමාර, ලේකම් නවීන් සුමිත්ආරච්චි යන මහත්වරුන් ඇතුළු එහි නිළධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.