Spread the love

ආබාධ සහිත තැනැත්තන් සවිබල ගැන්වීමේ ‘සෞභාග්‍යා සංවර්ධන’වැඩසටහන යට⁣තේ ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය මැතිවරණ කොට්ඨාසයේ දෘශ්‍යාභාධිත පුද්ගලයන් 1,000 ක් සඳහා නොමිලේ ඇස්කණ්නාඩි ප්‍රදානය කිරීම දිවුලපිටිය, මරඳගහමුල ආනන්ද ප්‍රාථමික විද්‍යාලයේදී ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය විසින් මෙම වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබයි.

මෙහිදී ජංගම සේවා වැඩසටහනක් පවත්වා නොමිලේ ඇස් පරීක්ෂා කර අක්ෂි ආබාධවලින් පෙළෙන පුද්ගලයින් වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කිරීමද සිදු කරන ලදි.

මෙම අවස්ථාවට දිවුලපිටිය ප්‍රාදේශිය සභාවේ සභාපති ඉන්දික ජයසිංහ මහතා, දිවුලපිටිය ප්‍රාදේශිය ලේකම් ඩබ්ලිව්. ඩබ්ලිව්. එම්. පී. කුමාරී මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වූහ.